ගාල්ලෙත් කොරෝනා ආසාදිතයන් 114ක් තවමත් නිවෙස්තුළ

ගාල්ලෙත් කොරෝනා ආසාදිතයන් 114ක් තවමත් නිවෙස්තුළ

කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 226 දෙනෙකු කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකිව ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

මෙම රෝගින්ගෙන් 114 දෙනෙකු නිවෙස්වල සිටින අතර තවත් ආසාදිතයන් 47 දෙනෙකු කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකිව මුලික රෝහල්වල සිටින බවද සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ඇදන් පහසුකම් නොමැතිවිම නිසා තාවකාලිකව හිනිදුම දිසා රෝහලට ඇතුළත් කරණු ලැබු ආසාදිතයන් 65 දෙනෙකුද මේ අතර සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා රෝග ලක්ෂණ නිසා රෝහල්ගත කිරිමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු ආසාදිතයන් 20 දෙනෙකු කරාපිටිය රෝහලේ සිටින අතර එම ආසාදිතයන් අතර දරුවන් 06 දෙනෙකු, පිරිමි 07 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු සිටිති. මිට අමතරව බලපිටිය රෝහලේ රෝගින් 05 දෙනෙකු, උඩුගම රෝහලේ රෝගින් 04 දෙනෙකු, ඇල්පිටිය රෝහලේ රෝගින් 03නෙකු, මහමෝදර රෝහලේ රොගින් 05 දෛනකු, පුද්ගලික රෝහලක රෝගින් තිදෙනෙකු, කොග්ගල ලොන්බ්ච් හෝටලයේ ආසාදිතයන් 05 දෙනෙකු සිටින බවද සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයන් 35 දෙනෙකු. රත්ගම 09 දෙනෙකු, හබරාදුව 36 දෙනෙකු, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 08 දෙනෙකු, හික්කඩුවෙන් 04 දෙනෙකු, වැලිවිටියෙන් 02 නෙකු, කරන්දෙණිය 04 දෙනෙකු, බෝපේ පොද්දලින් 08 දෙනෙකු, ඉමදුව 13 දෙනෙකු, අක්මිමන 01 අයෙකු, උඩුගම රෝගින් 02 දෙනෙකු, බලපිටිය රෝගින් 03නෙකු, ඇල්පිටියෙන්01 රෝගියෙකු වශයෙන් ආසාදිතයන් 114 දෙනෙකු කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකිව නිවෙස්වල සිටින බවද සෞඛ්‍ය අංශ පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්