යුරෝපයේ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ග්රීසියේ පාලන බලය හිමි සිරිසා පක්ෂයේ අගමැතිවරයා සිය ධූරයෙන් ඉවත් වී මහ මැතිවරණයක් ප්රකාශයට පත් කර තිබේ.
ඒ ග්රීසිය මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයට පිළියම් ලෙස යුරෝපා සංගමයෙන් ලබා දීමට යෝජනා කර තිබෙන සහන පැකේජය සඳහා ඔහුගේ පාලක පක්ෂයේම බහුතර මන්ත්රී කණ්ඩායමක් විරුද්ධ වීමයි. අගමැතිවරයා එම සහන පැකේජය ක්රියාත්මක කිරීම සඳහා ජනවරමක් ලබා ගැනීමට මැතිවරණයක් කැඳවීමට කටයුතු කර තිබේ. ඒඔහුගේ පාලක සිරිසා පක්ෂයෙන් ඉවත් වී නවක සාමාජිකයින් පිරිසක් බඳවා ගනිමින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමිනි.
මේ වනවිට ග්රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ලෝක ග්රීසිය මුහුණ දී තිබෙන අර්බුදය යුරෝපයේ දේශපාලන අර්බුදයක් දක්වා ව්යාප්ත විය. ග්රීසියට ලබා දෙන ණය මුදල් සම්බන්ධයෙන් හා කොන්දේසි සම්බන්ධයෙන් දැවැන්ත මතභේද කාරී තත්වයක් යුරෝපා සංගමය තුළද මතු වී තිබේ.









