කෝප් කමිටු රැස්වීමක් 22 කැඳවයි

කෝප් කමිටු රැස්වීමක් 22 කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම රැස්වීමේදී කෝප් කමිටුව විසින් 09 වන පාර්ලිමේන්තුව වෙත මෙතෙක් ඉදිරිපත් කොට ඇති වාර්තා 02 මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සඳහා දෙන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිත බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවීමට නියමිත ආයතන මොනවාද යන්න තීරණය කිරිමටද මෙහිදී බලාපොරොත්තු වන බවත් කොවිඩ් 19 හේතුවෙන් කෝප් කමිටු රැස්වීම් මාර්ග ගත (On Line) ක්‍රමයට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්