කෝප් කමිටුවේදීත් මහේන්ද්‍රන් එජාප මන්ත්‍රීන්ට කෝල් කළා…

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ විමර්ශන සඳහා කෝප් කමිටුව කැඳවා තිබෙන විටදී කමිටුව තුළ සිටින එජාප මන්ත්‍රීන්ට අර්ජුන් මහේන්ද්‍රන් දුරකථන ඇමතුම් ලබා දුන් බවත් එජාප මන්ත්‍රීන් මහේන්ද්‍රන්ගේ වහල්ලු සේ හැසිරුණු බවත් ජවිපෙ මධ්‍යමකාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) සිරස පැතිකඩ සටහනට එක්වෙමින් හෙළිදරව් කර සිටියේය. 

අර්ජුන් මහේන්ද්‍රන්ව බේරා ගැනීමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව වහන්න දෙයක් නොවන බවත් එජාප මන්ත්‍රීවරු, මහ බැංකුවේ වංචාවක් සිදුව නැතැයි පොත් පවා ලියූ බවත් මහේන්ද්‍රන් බේරාගැනීමට අධිකරණයට ගිය බවත් කෝප් කමිටුවේදී අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් එහිදී අවධාරණය කළේය.

එජාප මන්ත්‍රීන් මහේන්ද්‍රන්ගේ වහල්ලු වාගේ… වංචාවක් නෑ කියලා පොත් ලිව්වා.. උසාවි ගියා.. කෝප් එකේ පෙනී සිටියා

Posted by JVP Srilanka on Thursday, October 27, 2016

රනිල් අර්ජුන මහේන්ද්‍රන් බේරන එක වහන්න දෙයක් නෙමෙයි… කෝප් කමිටුවේදීත් අර්ජුන එජාප මන්ත්‍රීන්ට කෝල් කළා..

Posted by JVP Srilanka on Thursday, October 27, 2016

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්