කොළඹ ජල අර්බුදය දිග්ගැස්සේ

කොළඹ ජල සැපයුම අත්හිටුවා පැය 72ක පමණ කාලයකට පසුව සැපයුම යතා තත්වයට පත්කළද මේ වනවිට එම ජල සැපයුම අර්බුදයකට යමිත් පවතින බව වාර්තාවේ.

දියවන්නා ඔය හරහා පාර්ලිමේන්තු මන්සන්දියේ ඉදිකර තිබූ පාළම ගලවා උස්කර ඉදිකිරීමට සමගාමීව එහි තිබූ කොළඹට ජලය බෙදාහරින නළය, ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අනුමැතියකින් තොරව මහාමාර්ග ඉංජිනේරුවරුන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග මත ඉදිකිරීමට යාමේදී විද්‍යානුකූල නොවන ආකාරයෙන් නළ එලීම නිසා මෙම තත්වය මතුවී තිබේ.

විශෙෂයෙන්ම පළමත් සමග ප්‍රධාන ජල නළය උස් කිරීම නිසා එම ස්ථානයේ ඇතිවන පීඩනය නිසා නළය පුපුරායාම වැලැක්වීමේ උපක්‍රමයක් වශයෙන් මේ වනවිට ජලපොම්ප දෙකක් පමණක් ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වේ. මීට පෙර පොම්ප තුනක් ක්‍රියාත්මක කර තිබිණ.

ඇතිවී තිබෙන නව තත්වය හමුවේ කොළඹට ජල සැපයුම මන්ධගාමී වී ඇති බවත් එම මන්ද ගාමී තත්වය යටතේ වුවද ජලය සපයන ප්‍රදේශ සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා තවත් පැය 08ක් පමණවත් ගතවනු ඇති බව අනාවරණය වේ. ඉදිරියේදීද එම මන්දගාමී තත්වය දිගටම පවතිනු ඇති බව හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්