කොළඹට පැය 21ක ජල කප්පාදුවක්

කොළඹට පැය 21ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර සීමාවේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනය කර තිබේ.

මෙම ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ හෙට (10) පෙරවරු 09.00 සිට අනිද්දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයකට බව එම මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව මෙම කාලය තුළ කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්