
කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලා සංවිධානය අතර නව සාම ගිවිසුමක් ඊයේ (24) අත්සන් කර තිබේ. ඒ මීට පෙර අත්සන් කළ සාම ගිවිසුම ජනමත විචාරණයේදී පරාජයට පත් වීම නිසාවෙනි.
වසර කිහිපයක් පුරාවට කියුබාවේ හවානා නුවර පැවැති සාම සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස සමා ගිවිසුමට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්ටෝස් සහ ෆාර්ක් සංවිධානයේ නායකයා වන තිමොචේන්කෝ අතර මෙම සාම ගිවිසුම අත්සන් කෙරිණි.
කොලොම්බියා ආණ්ඩු ෆාක් ගරිල්ලා සංවිධානය සමග වසර 52ක කාලයක් පැවැති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ හැට දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබේ. එම ගැටුම් නිමා කිරීම වෙනුවෙන් කියුබානු ජනාධිපති රාවුල් කස්ත්රෝගේ දැඩි කැපවීම හා මැදිහත් වීම තම මීට පෙර සාම ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එහෙත් පසුගිය ජනවාරි 2 වැනි දින පැවැති ජනමත විචාරණයේදී එම සාම ගිවිසුම පරාජය විය.
ඊයේ අත්සන් කළ සාම ගිවිසුම ජනමත විචාරයකට යොමු කිරීම වෙනුවට එරට කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.









