කොලොන්නාව නගර සභාවේ සභාපතිට අදත් සුදුවෑන් ප්‍රහාරයක්

(දෙවන සංස්කරණය) කොලොන්නාව නගරසභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතාට අදත් (04) සුදුවෑන් ප්‍රහාරයකින් එල්ලවී ඇතැයි වාර්තාවේ.

අද පස්වරු 5.00ට පමණ සභාපතිවරයා විහාරමාවත ප්‍රදේශයේ සිටියදී මෙම සුදුවෑන් රථය ඔහු සිටි ප්‍රදේශයට පැමිණ ඇත. එය සැලවූ වහාම එම ස්ථානයෙන් ඉවත්ව ගිය සභාපතිවරයා ඔහුගේ සියළුම ආධාරකරුවන්ට මේබව දන්වා තිබේ. එම දැන්වීම අනුව පැමිණි සභාපතිවරයාගේ ආධාරකරුවන් කොලොන්නාව රජමහා විහාරය අසළදී වෑන් රථය සිය ග්‍රහණයට ගෙන ඇත.

ඊට සුළු මොහොතකට පසු වැල්ලම්පිටිය පොලිස්ථානයේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ. අදාළ වෑන්රථය සහ පිරිස ඔවුන් භාරයට‍ ගෙන ඇති අතර එම වෑන් රථයේ ගිනිඅවි විශාල ප්‍රමාණයක් තිබූ බවත් සභාපතිවරයාගේ ආධාරකරුවන් පවසිති.

සුදුවෑන් රථය සහ මැර පිරිස සුළු මොහොත් පොලීසියේ සිට ඇති අතර ක්ෂණයකින් ඔවුන් අතුරුදහන්වී තිබේ. ඔවුන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සභාපතිවරයා පොලීසියෙන් කළ විමසීමකදී පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ ඔවුන් මැර පිරිසක් නොව මද්‍රව්‍ය වැටලීම සඳහා පැමිණි පිරිසක් බවයි.

කෙසේ නමුත් සභාපතිවරයා මේ මොහොත වන විටත් නගරසභාවේ රැඳී සිටින බවත් ප්‍රදේශයේ ජනතාව නගරසභාවට එක්රෝක්වී ඇති බවත් වාර්තාවේ.

“මුන් මාව මරන්න හදන්නේ උඹලා මේක හරියට තේරුම් ගනිල්ලා. මුන්ට මාව ඉවරයක් කරන්න ඕන වෙලා තියෙන්නේ” යනුවෙන් ඔහු පැමිණ සිටි පිරිසට ඇහෙනසේ හඬනගා කියමින් හඬාවැලපී ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

ආශ්‍රිත පුවත්

සුදුවෑන් එක ආවේ මාව පැහැරගන්න. මට ආරක්ෂාව දෙන්න – කොලොන්නාව සභාපති

කොලොන්නාවේ දෙපිරිසක් අතර ගැටුමක්

කොලොන්නාව ප්‍රහාරයේ නවතම තොරතුරු

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්