කොවිඩ් වසංගයතය ව්යාප්ත වීම හමුවේ පනවා තිබෙන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ (09) කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මහල් නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ නාන තටාකය අසළ සාදය පවත්වමින් තිබියදී කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පිරිස අතර පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් සහ කාන්තාවන් 3 දෙනෙක් සිටින බවත් ඒ අතර විදේශික ජාතිකයින් තිදෙනෙක්ද සිටින බව අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූවන් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේ අද (10) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.










