බැංකුවක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසකගෙන් එක් අයෙකු පොලිස් වෙඩි ප්රහාරයකින් මියගොස් තිබේ.
අද අලුයම 2.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබේ.
තලංගම ප්රදේශයේ බැංකුවක් කොල්ලකෑමට පැමිණ ඇති මංකොල්ල කරුවන් පිරිස එතැනට පොලීසිය ළඟාවීමේදී පොලිස් කණ්ඩායම දෙසට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර තිබේ. එහිදී පොලීසිය විසින් එල්ල කරන ලද ප්රතිප්රහාරයකදී මෙම සැකකරු වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියා සිටියි.
පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරු හමුදා සෙබළෙකු බවට වාර්තාවන බවය.









