කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්ය ප්රතිකාර මධ්යස්ථානයේ දින 14ක් සිට නිවසට පැමිණිද තවත් දින 14ක කාලයක් ගත කර සිටි තිදරු මවකට යළි කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියා තත්වයෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල දොඩන්දුව ප්රදේශයේ පදිංචි අවුරුදු 89ක් වියැති තිදරු මවකි.
ඇය නිවසට පැමිණ දින 14ක කාලයක් ගතවීමෙන් පසු යලි උණ රෝගය වැළදි හුස්ම ගැනිමට අපහසුවි පුද්ගලික රෝහලක් වෙත රැගෙන යමින්සිටියදි මියගොස් ඇති අතර ඇය එසේ රැගෙන යන අතරතුරදී මරණයට පත්ව ඇත.










