කොරෝනා – සංඛ්‍යා පරස්පරයට සාක්ෂි මෙන්න

කොරෝනා – සංඛ්‍යා පරස්පරයට සාක්ෂි මෙන්න

රට තුළ දරුණු ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් තිබියදී ඒ සම්බන්ධයෙන් නිකුත් කරන නිල සංඛ්‍යා ලේඛනවල බරපතල සැකයක් තිබෙන බව සමාජයේ තිබෙන මතය තහවුරුවී තිබේ.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනුව සහ COVID19.gov.lk වෙබ් අඩවිවලට අනුව 19දා අවසානයේදී සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 1,51,343ක් වශයෙන් දැක්වේ. එය හඳුන්වාදී තිබෙන්නේ ”තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව” යනුවෙනි.

එහෙත් රජයේ නිල වෙබ් අඩවියේ එදින අවසන්වන විට සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 144,965ක් වශයෙන් දැක්වේ. එය හඳුන්වාදී තිබෙන්නේ ”මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව” යනුවෙනි. මේ අනුව අදාල නිල වෙබ් අඩවිවල ආසදිතයින් 6,000කට වැඩි සංඛ්‍යාවක පරස්පරයක් තිබේ.

මෙවැනි තත්වයක් තුළ ඉදිරි කෙටි කාලයකදී ආසාධිතයින් 1,000,000ය ඉක්මවනු ඇති බවට විශේෂඥයින් අන තුරු අඟවා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්