කොරෝනා වෛරසයේ සමාජ ව්යාප්තියක් නොමැති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ, මේ වනවිට සිදු කරන PCR පරීක්ෂණවලින් 3.5%ත් 4%ත් අතර ප්රතිශතයක් පමණක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා බවයි.
සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි වන්නේ එම ප්රතිශතය 5% ඉක්මවුවහොත් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව ලංකාවේ කොරෝනා සමාජ ව්යාප්තිය නිර්වචනය අනුව 1%කින් පමණ බේරී ඇති බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම දයාසිරි ජයසේකර රාජ්ය ඇමතිවරයාට, වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරයාට සහ රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්රීවරයාට කොවිඩ් – 19 ආසාදිනය වූයේ කෙසේද යන්න මේ වනතෙක් අනාවරණය කර ගෙන නැති බවය.










