රට තුල සංචරණ සීමා පණවන ලෙස සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ ඇමතිනිය ප්රමුඛ සෞඛ්ය අංශ විශේෂඥයන් විසින් කල ඉල්ලිම පරාජය කල ප්රබලයා කවුරුන්දැයි හෙලිදරවු කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්රී විජිත හේරත් ඉල්ලා සිටියි.
අද (04) පාර්ලිමේන්තුව අමතමින් විජිත හේරත් මන්ත්රීවරයා ප්රකාශ කලේ කොරෝනා වසංගතය කයිවාරු වලින් මැඩපැවැත්විය නොහැකි බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ දැන්වත් තේරුම්ගත යුතු බවයි.
“එයා පටන් ගන්නකොටම කිව්වා මේවා එයාට සුලු දේවල් කියලා. පැනික් වෙන්න එපා කිව්වා. ඊට පස්සේ කිව්වා කවුරුවත් කියන්නෙ නැ එයා කරපුවා. එයා තමයි හොඳටම කලේ කියලා.” යැයි පැවසූ විජිත හේරත් මන්ත්රිවරයා “මේ කරල තියෙන්නේ දැං හොඳටම” යැයි පවසද්දි සභාවෙන් සිනාහඬ මතුවිය.










