කොවිඩ් – 19 ආසාදිතව එක්මෝ ප්රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර සිටි සය මස් ගැබිණි මවක අද (09) සවස ජීවිතක්ෂයට පත්ව තිබේ.
44 වැනි වියේ පසුවූ මෙම කාන්තාව දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්රමයෙන් දරුගැබක හිමිකාරියක වූ බවද වාර්තා වේ. මීට දින කිහිපයකට පෙර එක්මෝ ප්රතිකාරයට යොමුකර සිටිය දී සිහි මුර්ජා තත්වයෙන්ම ඇය සිය දරුවා ප්රසූත කර ඇති අතර උපදිනවිටත් දරුවා මියගොස් සිට ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින 11ක් පමණ එක්මෝ යන්ත්රයේ උපකාරයෙන් ප්රතිකාර ලැබූ බවය. එසේ වුවද වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්වයක් දක්නට ලැබුණු බව ඔවුහු පවසති.










