කොරෝනාවෙන් මව, පිය, පුතු තිදෙනෙක් මරුට

කොරෝනාවෙන් මව, පිය, පුතු තිදෙනෙක් මරුට

වයෝවෘධ අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ තරුණ පුතකු කෙවිඩ් – 19 වයිරසය ආසාදනය වී මියගොස් ඇති බව පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්‍ෂක කපිල වික‍්‍රමනායක පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පේරාදෙණියේ මුරුතලාව පදිංචිව සිටි 72 හැවිරිදි සිරිපාල රාජපක්‍ෂ, 70 හැවිරිදි ශිලා රාජපක්‍ෂ යන අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ පුතෙකු වන 38 හැවිරිදි ධම්මික රාජපක්‍ෂ යන තිදෙනාය.

සැමියා වන සිරිපාල රාජපක්‍ෂ පසුගිය 03 වැනිදාදත් ඔහුගේ බිරිඳ ශිලා රාජපක්‍ෂ පසුගිය 14 වැනිදාත් ඔවුන්ගේ පුතණුවන් වන ධම්මික රාජපක්‍ෂ පසුගිය 23 වැනිදාත් ද කෙරෝනා වයිරසය ආසාදනය වී මියගොස් තිබේ.

මියගිය ධම්මික රාජපක්ෂ‍ෙ අවසන් කටයුතු ඊයේ (24) මහනුවර මහියියාව ආදාහනාගාරයේදී සෞඛ්‍ය නීතී රීතිවලට අනුව සිදුකළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්