කොරියාවේ සමුපකාර ජාලයක් සුනිල් හඳුන්නෙත්තිගේ නිරීක්ෂණයට

කොරියාවේ සමුපකාර ජාලයක් සුනිල් හඳුන්නෙත්තිගේ නිරීක්ෂණයට

මේ දනවල දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇමතීම සඳහා එහි ගොස් සිටින ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති එරට නොන්ග්යොප් (nonghyop) සත්ව ආහාර නිෂ්පාදන සමූපකාරයේ නිරීක්ෂණයකට එක් වී තිබේ.

එහිදී එම සමූපකාර ජාලයේ මූලස්ථානයේදී එහි ප්‍රධානීන් සහ එම සමූපකාර ජාලයට අයත් ප්‍රධානතම බැංකුවේ සභාපති සිම් ජේ කන් ඇතුළු නිලධාරීන් හමුවී එහි කටයුතු මෙන්ම ඔවුන් සහ ලංකාවේ සමූපකාර ජාලය අතර අන්නෝන්‍ය අවබෝධයකින් ඉදිරියේදී කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

නොන්ග්යොප් (nonghyop) සත්ව ආහාර නිෂ්පාදන සමූපකාරය ජාලයට කොරියාවේ උල්සාන් පළාතේ විවිධ නිෂ්පාදන කර්මාන්ත මෙන්ම විශාලතම බැංකු පද්ධතියටද හිමිකම් කියන බව ඔවුන් සමග පැවති සාකච්චාවේදී අනාවරණය වී ඇත. එම සමූපකාරය කොරියාවේ සත්ව ආහාර අවශ්‍යතාවයෙන් 20%ක් නිපදවන බවත් හොංකොං සිංගප්පූරුව ඇතුළු රටවලටද අපනයනයන් කරන බවත් සඳහන් කර තිබේ.

රජයේ පහසුකම් කිසිවක් බලාපොරොත්තු නොවන බවත් පුද්ගලික අංශයේ තරගකාරිත්වයට ඔවුන් සාර්ථකව මුහුණ දෙන බවත් එම සාකච්ඡාවේදී ඔවුන් පැහැදිලිව පෙන්වා දී ඇත.

විශේෂයේන ඔවුන්ගේ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති දුෂ්කරතාවය ගැන ඔවුන් පැහැදිලි කරමින් පවසා ඇත්තේ ඒ සඳහා සැපයීම සිදු කිරීමට ලංකාවට හැකියාව ඇත්නම් ඒ සඳහා අවස්ථාව සළසාදිය හැකි බවය.

මෙම සමූපකාරය සතුව ශාඛා 1,103ක ජාලයක් උල්සාන් පලාතේ ඇති අතර ඉන් සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලබාදෙන ආකාරය පෙන්වා දී තිබේ.

එම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්තිට අමතරව කොරියාවේ ජාතික ජන බලවේගයේ සංවිධායක දර්ශන විජේසිංහ, උල්සාන් හි සංවිධානය වෙනුවෙන් චින්තක රත්නගොඩ දකුණු කොරියානු කමිටුව වෙනුවෙන් නදුන් චතුරංග එක් වීසිටි අතර එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ කොරියානු ජාතික ජෙඔන්ගිහියු ( jeongilhyo) විසිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්