කොතලාවල විශ්වවිද්‍යාලයෙන් ගසාකනහැටි මෙන්න…

කොතලාවල විශ්වවිද්‍යාලයෙන් ගසාකනහැටි මෙන්න…

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන යනු ලබන උපාධි පාඨමාල 04ක් ශිෂ්‍යයන්ගේ අධ්‍යන කටයුතු නිසිපරිදි කරගෙනයාමට ශිෂ්‍යන් ප්‍රමාණයට අනුව සිටියයුතු ආචාර්යවරුන්ගේ අනුපාතය බරපත කඩා වැටීමක තිබෙන බව අනාවරණය වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව වෛද්‍ය උපාධිය හදාරන ශිෂ්‍යයන් 07දෙනෙකු සඳහා එක් ආචාර්යවරයෙකු සිටිය යුතුය. එහෙත් 2018 වර්ශය අවසන් වන විට සිටි ඇත්තේ ශිෂ්‍යන් 24 දෙනෙකු සඳහා එක් ආචාර්ය වරයෙකු පමණි.

ඉංජිනේරු උපාධිය සඳහා සිසුන් 10 දෙනෙකු සඳහා එක් ආචාර්යවරුයෙකු සිටිය යුතු වුවත් සිට ඇත්තේ සිසුන් 24 දෙනෙකු සඳහා එක් ආචාර්යවරයෙකි. එසේම සම සෞඛ්‍ය උපාධිය සඳහා සිසුන් 10 දෙනෙකු වෙනුවට සිසුන් 12 දෙනෙකු සිට ඇත්තේ එක් ආචාර්යවරයෙකි.

මෙහි වඩාත්ම බරපතල තත්වය නීති උපාධිය සඳහා පලපා තිබේ. සිසුන් 18 දෙනෙකු සඳහා එක් ආචාර්ය වරුයෙකු සිටිය යුතු වුවත් සිට ඇත්තේ සිසුන් 57 දෙනෙකු සඳහා එක් ආචාර්යවරයෙකු පමනි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2018 වර්ශය සඳහා මූල්‍ය ප්‍රකාශන වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්