කෝතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට මහා භාණ්ඩාගාරයේ ඇපවීම මත ලංකා බැංකුවෙන් හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් කෝටි 3,654ක් ලබාදී ඇති බව හෙළිවේ.
ලංකා බැංකුවෙන් රුපලියල් කෝටි 84ක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් කෝටි 3570ක්ද මෙසේ ලබාදී ඇත. රාජ්ය මූල්ය තත්වය පිළිබඳ 2021 වසර මැද වාර්තාවේ මෙම තොරතුරු දක්වා තිබේ.
මෙයට පෙර සයිටම් පෞද්ගලික වෛද්ය විද්යාලයට රාජිත සේනාරත්න සෞඛ්ය ඇමතිවරයා ලෙස සිටියදී මහජන බැංකුවෙන් රුපියල් කෝටි 400ක් මෙලෙස ලබාදී තිබිණි. එම ණය මුදලට කුමක් වූවේදැයි මේ දක්වා හෙළි වී නැත.
එසේ තිබියදී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය රජයේ කිසිදු උසස් අධ්යාපන නියාමන ආයතනයකට වග නොකියන වෙනම ඒකකයක් ලෙස හමුදාකරණය කරන ලද ආයතනයකට යටත් කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.










