
පසුගිය 27 වෙනිදා කොළඹ කොටස්වෙලඳපොළ ගනුදෙනුවලදී ද ෆිනෑන්ස් සමාගමේ කොටස් 7,863,362ක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මිලදී ගැනීම නිසා පසුදින වන විට රුපියල් කෝටි 15කට අධික අලාභයක් සිදුවී ඇත.
ද ෆිනෑන්ස් සමාගම බිඳවැටුනු සෙලින්කෝ සමූහ ව්යාපාරයට අයත්ය. එහි එක් කොටසක් රුපියල් 30 ශත 30 බැගින් අලෙවි වෙමින් තිබියදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එක් කොටසක් රුපියල් 49.74ක සාමාන්ය මිලක් වන සේ කොටස් ලක්ෂ 78 ලබාගෙන ඇත. එම මිලදීගැනීමෙන් පසුව කොටසක වටිනාකම රුපියල් 32 දක්වා ක්ෂණිකව පහතවැටී ඇත.
නමුත් ද ෆිනෑන්ස් සමාගමේ කොටසක සාමාන්ය වෙලඳපොළ මිල රුපියල් 30.30 වන බැවින් රුපියල් කෝටි 15කට අධික මෙම අලාභය නිර්මාණය වීඇත. මෙයට පෙර විවිධ අවස්ථාවලදී රජයේ වගකීම යටතේ පවතින EPF/ETF වැනි රමුදල් කොටස් වෙලඳපොළ ජාවාරම් සඳහා යොදාගෙන තිබින. නමුත් පසුගිය 27වෙනිදා ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙම කොටස් ජාවාරමටසෙම්බන්ධවීමතක් සමග රාජ්ය මූල්ය ආයතනද කොටස් වෙලඳපොළ සූදුවට යොදවා ඇතිබව පැහැදිලිවේ. මෙය රාජ්ය මූල්ය ආයතන බිඳවැටීමට හේතුවියහැකි තත්වයක් බව විශ්ලේශකයෝ පෙන්වා දෙති.









