එල්.ටී.ටී.ඊ. හිටපු ජාත්යන්තර නායක කුමාරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්රමාණවත් සාක්ෂි නොමැති බවත් මෙතෙක් සිදු කළ පරීක්ෂණ කටයුත්තුවලදී පෙත්සමේ සඳහන් කරුණුවලට අදාළව වරදක් අනාවරණය වූයේ නැති බවත් නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් ඇතැයි වාර්තා වේ.
ජනාකීර්ණ ප්රෙද්ශයක බෝම්බ පිපිරීම් වැනි සිදුවීමකට අදාළව ගත් විට කේ.පී. බෝම්බ ගෙනවිත් පුපුරුවා හැර නැති වුවද එම බෝම්බ සඳහා අවශ්ය මුදල් හා අමුද්රව්ය සැපයීමේදී ඔහු සිදු කර ඇති කටයුතු වරදක් නොවන්නේ කෙසේදැයි පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයේදී ප්රශ්න කළ බව සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ එවක පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා කේ.පී.ට එරෙහිව චෝදනා 193ක් සහිතව ගොණු කළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඔහු සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක් දැයි යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ය.
කෙසේ නමුත් තව දුරටත් ඔහු පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා තවත් සති 6ක කාලයක් අවශ්ය බවත් ඉල්ලා ඇත.
ඒ සඳහා අවසර ලබාදුන් අභියාචනාධි විනිසුරු විජිත් මලල්ගොඩමහතා ඔක්තොම්බර් 28 නැවත පෙත්සම විභාගය සඳහා කැඳවීමට නියෝග කර තිබේ. කේ.පී.ට පණවා තිබූ විදෙස් ගමන් තහනමද ඉදිරියටත් බලපැවැත්වෙන බවද ප්රකාශ කර තිබේ.
රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඇවන්ගාඩ් සිදුවීමට අදාළව පැවති නඩුවේදීද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එම නඩුව පවත්වාගෙන යාමට තරම් නඩු නිමිත්තක් නොමැති බවය.
ආශ්රිත පුවත්









