කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණය ඉවත දමයි.

කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණය ඉවත දමයි.

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹූක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු නඩුවකට අදාලව ඒ මහතා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය  සංශෝධනය කිරිමට මහේස්ත්‍රාත්වරයා අනුමැතිය ලබා දීම ප්‍රතිශෝධනය කරන්නැයි රඹුක්වැල්ල මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇතත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නිත්‍යානුකුල බව සඳහන් කළ විනිසුරුවරයා අදාල ප්‍රතිශෝධන අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්