කුසල්ගේ ශල්‍යකර්මයට මුදල් ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි

කුසල්ගේ ශල්‍යකර්මයට මුදල් ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි

ආබාධයකට ලක්ව මාස 08කට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ සිදුකළ යුතු ශල්‍යකර්මය වෙනුවෙන් ගෙවිය යුතු සම්පූර්ණ මුලු මුදල ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථා වේ.

කූසල්ගේ ජනිත්ගේ ශල්‍යකර්මය එංගලන්තයේදී සිදුකල යුතු බව වෛද්‍ය නිර්දේශය වන අතර අදාල කරුණ සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා දැනුවත් කර ඇත. ශල්‍යකර්මය වෙනුවන් වැයවන මුලු මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවන්නේද යන්න එහිදී ඔහු විමසා ඇති අතර ඒ සඳහා රක්ෂණාවරණයෙන් ලැබෙන මුදල පමනක් ලබා දෙන බවත් වැයවන ඉතිරි මුදල් සියල්ල කුසල් ජනිත් විසින් දැරිය යුතු බවත් දැනුම්දී තිබේ. එහිදී රක්ෂණාවරණායෙන් කොපමන මුදලක් ලැබෙන්නේ දැයි නිලධාරීන් විසින් කුසල් මෙන්ඩිස්ට දැනුම් දී නැති බවද වාර්තා වේ.

මෙලෙස කුසල් ජනිත් පෙරේරාගේ ශල්‍යකර්මය දිගින් දිගටම ප්‍රමාධවීම හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන පන්දු වාර 20යි 20 තරඟය සඳහා ඔහුගේ සම්බන්ධ වීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්