කුලියාපිටිය ප්රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ඊයේ (02) ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්යාපාරයක යෙදුණි.
ප්රාදේශීය සභාවේ ලේකම් ඩබ්ලිව්.ඒ.ජී. නිශ්ශංක මහතාට ජුනි මස 28 වෙනි දින කුලියාපිටිය ප්රාදේශීය සභා රැස්වීම පැවැත්වූ අවස්ථාවේදී ප්රාදේශීය සභාවේ උප සභාපති වයි.ඇම්. සේනාරත්න මහතා විසින් බැන වැදීමට විරෝධය ප්රකාශ කරමින් උද්ඝෝෂණය පවත්වන බව එම කාර්ය මණ්ඩලය පැවැයි.









