2015-2016 අන්තර්ජාතික ක්රිකට් වර්ෂය වෙනුවෙන් අධි ශ්රේණියට ඇතුළත් කරනු ලැබූ 12 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලට ශ්රී ලංකාව නියෝජනය කරමින් උනන්දුවා යන අන්වර්ථ නාමයෙන් ක්රිකට් ක්ෂේත්රයේ සියලු දෙනා ආමන්ත්රණය කළ කුමාර් ධර්මසේන ඇතුළත් වී සිටී.
ඔහු 2011 වසරේ සිට අධි ශ්රේණියේ විනිසුරුවකු ලෙස කටයුතු කරන අතර මෙවර ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ විනිසුරුවකු ලෙස කටයුතු කරමින් ශ්රී ලංකාවට ගෞරවය ගෙන ඒමට සමත් විය. ක්රිකට් ක්ෂේත්රයේ නිහතමානී, මහත්මා ගුණයෙන් කටයුතු කළ කුමාර් ධර්මසේන ක්රිකට් විනිසුරුවකු ලෙස ඉහළ වටිනාකමක් දිනා ගැනීමට සමත් වී සිටී. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 29ක ප්රධාන විනිසුරුවරයා ලෙසද ජාත්යන්තර එක්දින තරග 65ක ප්රධන විනිසුරුවරයා ලෙසද පන්දුවාර විස්සයි 20 ජාත්යන්තර තරග 17 ප්රධාන විනිසුරුවරයා ලෙසද කටයුතු කර තිබේ. එසේම ජාත්යන්තර තරගවලදී මතභේදාත්මක තීන්දු ලබා නොදෙමින් ක්රීඩකයින්ගේ ප්රසාදය දිනාගැනීමටද ඔහු සමත්වී සිටී.
අධි ශ්රේණියට පත් කළ විනිසුරුවන් 12 තොරා ගනු ලැබුවේ අන්තර්ජාතික කි්රකට් සභාවේ සාමාන්යාධිකාරී ජෙෆ් ඇලරිඩ්ස්, අන්තර්ජාතික කි්රකට් සභාවේ ප්රධාන තරග තීරක රන්ජන් මඩුගල්ලේ, එංගලන්ත පිලේ හිටපු කී්රඩක සහ විනිසුරු ඩේවිඩ් ලොයිඩ් සහ ඉන්දීය පිලේ හිටපු නායකයකු මෙන්ම හිටපු ටෙස්ට් විනිසුරුවකුද වන ශී්රනිවාසන් වෙන්කට්රාඝවන් යන පිරිසගෙන් සමන්විත කමිටුවක් මගිනි. කෙසේ වෙතත් 2015-2016 වසර සඳහා එක්දින හා ජාත්යන්තර තරග විනිසුරු බිලී බවුඩින් ඇතුළත් නොවි තිබේ.









