කුඩු වෙන්නම ගහන්න ඕනෑ – රංගේට හිටපු මැකො උගන්වයි

කුඩු වෙන්නම ගහන්න ඕනෑ – රංගේට හිටපු මැකො උගන්වයි

රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය දැඩි ප්‍රහාරාත්මක පිළිතුරක් ලබා දී තිබේ.

ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ “මුට්ටිය දාන කොට කඩු වෙන්න ම ගහන්න ඕනෑ. ඔළුව දැම්මොත් ගහන්න ඕනෑ ඔළුව නැති වෙන්න“ යනුවෙනි. එමෙන් ම, රංගේබණ්ඩාරගේ ප්‍රකාශය අනීතික සහ ව්‍යවස්ථා විරෝධී බව ද පෙන්වා දී තිබේ.

වැඩිදුරටත් ඔහු අවධාරණය කරන්නේ 1982දී පැවැත්වූ වංචනික ජනමත විචාරණයේ විපාක මුලු රටම දශක ගණනාවක් විඳි බව ය. රංගේබණ්ඩාරගේ ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ පිළිගත් දේශපාලන පක්ෂයක මහ ලේකම්ගේ ප්‍රකාශයක් නිසා මිස එසේ නොවේ නම් කිසිදු වැදගත්කමක් නැති බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්