කුකුල් මස් සහ බිත්තර මිලත් ඉහළ යන ලකුණු

කුකුල් මස් සහ බිත්තර මිලත් ඉහළ යන ලකුණු

කුකුළු කෑම නිෂ්පාදනයට ගන්නා සත්ව ආහාර ද්‍රව්‍ය මේ වනවිට වෙළඳ පොල තුළ හිඟයක් පැවතීම හේතුවෙන් ඉදිරියේදී කුකුළු මස් සහ බිත්තර මිලද ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව ඉදිරි මාස දෙක තුන ඇතුළත බිත්තර සහ කුකුළු මස්වල දැඩි මිල යාමක් ඇතිවිය හැකි බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. විශේෂයෙන්ම මෙරටට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති බවයි.

තවද කුකුළු කෑම නිෂ්පාදනයට යොදාගන්නා තිරිඟු මෙරටට ආනයනය කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ ද මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් මේ වනවිට දැඩි අර්බුදයකට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්