පසුගිය 22 වැනිදා කිරින්ද මුහුදු තීරයේ සැඩ රළ පහරට හසුව අසාධ්ය තත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි දෙදරු මව ද ඊයේ(29) රාත්රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසූරිය මහත්මිය ය.
නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් ලෙස සේවය කළ එම මහත්මිය, සෙසු නිලධාරීන් සහ දියණියන් දෙදෙනා සහ සැමියා සමඟ යාල ප්රදේශයේ විනෝද චාරිකාවක යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස් සිටියදී පසුගිය 22 වැනිදා සැමියා සහ දියණියන් දෙදෙනා සැඩ රළ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ අතර අසාධ්ය තත්වයේ සිටි හසිනි විජේසූරිය මහත්මිය තිස්සමහාරාම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අම්පාර රෝහලටත් පසුව කොළඹ පෞද්ගලික රෝහලක් වෙතත් මාරුකර යවා තිබිණි. එහිදී ඇය ඊයේ රාත්රියේදී මිය ගොස් ඇතැයි වාර්තා වේ.










