කියුබාව නොව, තමන්ම හුදකලා කරගත් ඇමෙරිකාවේ කියුබානු විරෝධය

වසර 50 කට අධික කාලයක කියුබාව මත සිය ආධිපත්‍ය භාවිතා කරමින් හෙලූ සම්බාධක ඇමෙරිකාවට නැවත වරක් හකුළා ගැනීමට සිදු වීම ඇමෙරිකාවටම පාරාවළල්ලක් වී ඇති බව ඇමෙරිකානු හිටපු තානාපතිවරයකු වූ වෙයින් ස්මිත් මහතා ප්‍රකාශ කර ඇත.

වසරින් වසර ඇමෙරිකාව කියුබාව මත හෙලූ සම්බාධකවලට එරෙහිව ලෝකය තුළ දැවැන්ත විරෝධයක් ගොඩ නැගුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කියුබාව වෙනුවෙන් ඇමෙරිකාවට එරෙහිව යෝජනා සම්මත වූ අතර වසරින් වසර එයට පක්ෂව ඡන්දය ලබා දෙන රටවල් සංඛ්‍යාව ඉහළ ගියේය. ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ නිරුවත කියුබාව මත හෙලූ සම්බාධක හේතුවෙන් ලෝකයට ප්‍රසිද්ධ වූ අතර ෆිදෙල් ප්‍රමුඛ කියුබාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම් කිරීමටද ඇමෙරිකාව කටයුතු කරන ලදි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 1961 ජනවාරි 03 වැනිදා කියුබාවේ පිහිටි තම තානාපති කාර්යාලය වසා දමමින් එරට ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් ගොඩනැගුණු කියුබානු විප්ලවීය ජනරජයට විරෝධය පළ කිරීමෙන් නොනැවතුණු කියුබාවට එරෙහිව වසර 50ක පමණ කාලයක් දැවැන්ත සම්බාධක ප්‍රමාණයක් හෙළමින් ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් යුතු සමාජවාදී පාලනය බිඳ දැමීමට ඇමෙරිකානු රාජ්‍ය නායකයින් රැසකගේ උත්සාහය මේ වනවිට අසාර්ථක වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන හිටපු ඇමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කරන්නේ කියුබාව කෙරෙහි දක්වන ලද අමෙරිකානු අකල්ප හා ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකාව ලෝකය තුළ හුදකලා වු බවය. කියුබාව සමග තානාපති සබඳතා නොමැති එකම රට බවට ඇමෙරිකාව පත් වූ බවත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්