අයි.එස්. ත්රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන Abu Bakr al-Baghdadi ගේ ආහාර වේලකට වස මිශ්ර කර ලබා දීම හේතුවෙන් ඔහු මේ වනවිට අසාධ්ය තත්වයේ පසුවන බව වාර්තා වේ.
අයි.එස්. නායකයාට අමතරව එම සංවිධානයේ තවත් ඉහළ පෙළේ නායකයින් තිදෙනෙකුට වස මිශ්ර ආහාර ලබා දී ඇති බව පැවසෙන අතර ඔවුන්ද අසාධ්ය තත්වයේ පසුවන බව පැවසේ. කෙසේ වෙතත් මෙම තොරතුරු වල නිවැරදි බව මේ වනතෙක් තහවුරු වී නොමැත.
අයි.එස්. සංවිධානයේ ඉතා විශ්වාසවන්තයින් යොදා ගනිමින් නායකයාට ආහාර ලබා දෙන බව වාර්තා වන අතර ආහාරවලට වස මිශ්රකරනු ලැබූවන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භකර ඇතැයි පැවසේ. මෙම තත්වයත් සමග අයි.එස්. සංවිධානයේ මේ වනවිට අභ්යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇතැයිද වාර්තා වේ.









