කැස්බෑව ජබුරලිය ලූල්වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ PCR පරීක්ෂණවලින් ඩෙල්ටා වයිරසය ආසාදිත රෝගීන් 05කු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගත් බව කැස්බෑව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙක් පැවසීය.
එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා ආසාදිත රෝගියෙකු හමු වීමත් සමඟම පෙරේදා (19) කර්මාන්ත ශාලාවේ අංශ කීපයක සේවක සේවිකාවන් 166 දෙනකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එයින් 109 දෙනකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
සේවක සේවිකාවන් අතරින් 20කුගේ ජෛව පටල සාම්පල ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය වෙත යොමු කර ඇති අතර එම සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව පටල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එයින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට අනාවරණය වී තිබිණි.
එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 06 දෙනෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීමේදී එයින් 05දෙනෙකුටම ඩෙල්ටා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වී ඇත.
එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් දහසකට ආසන්න ප්රමාණයක් සේවය කරන බවද වාර්තා වේ.
ආසාදිත සේවක සේවිකාවන් එම කර්මාන්ත ශාලාව තුළම රඳවා නිරෝධාන මධ්යස්ථානයක් වෙත යොමු කිරීමට අවශ්ය කටයුතු සිදු කර තිබේ.










