කැබිනට් තීරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

කැබිනට් තීරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ පැජට් පාරේ නිවෙසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ අද සිට සති හතරක් ක්‍රියාත්මක වන පරිදිය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මෙම පෙත්සම, ප්‍රීතිපද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්