ලබන වසරේ පැවැත්වීමට නියමිත කැනේඩියානු මහ මැතිවරණයෙන් වඩා වැඩි දේශපාලන වාසි අත්පත් කර ගැනීම සඳහා ක්රියාකරමින් සිටින වර්තමාන අගමැති ජස්ටින් ටෘෘඩෝ රුසියානු ආක්රමණයට එරෙහි යුද වීරයෙක් බව දක්වමින් නාසිවාදී යුදෙව් සංහාරයෙකුට උපහාර දක්වා තිබේ.
යුක්රේන ජනාධිපති ලැඩෙමීර් සෙලෙන්සි ද සමඟ කැනේඩියානු පාර්ලිමේන්තුවට නාසි යුද අපරාධකරු ගෙන්වාගෙන මෙම උපහාර දැක්වීම කර තිබේ. 98 වෙනි වියේ පසුවන යර්ලොස්ලේව් හුන්කා නැමැති මෙම නාසිවාදී යුද අපරාධකරු රුසියාවට එරෙහිව යුද වැදුණු ජර්මන් දේශප්රේමීයෙකු වශයෙන් ජස්ටින් ටෘෘඩෝ විසින් හඳුන්වා ඇත.
එහෙත් පසුව හෙළිවී ඇත්තේ දෙවන ලෝක යුද්ධයේදී මොහු හිට්ලර් වෙනුවෙන් යුදෙව් සංහාරයක යෙදී ඇති බවත් පෝලන්ත වැසියන්ද විශාල පිරිසක් ඝාතනය කිරීමට ඍජුව සම්බන්ධ වූ අයෙකු බවත් ය. යුක්රේන වැසියෙකු වන මොහු හිට්ලර්ගේ නාසි හමුදාවට සම්බන්ධ වී ඇති අතර ජස්ටින් ටෘෘඩෝ මේ අවස්ථාවේදී ලාභ දේශපාලන අරමුණු වෙනුවෙන් අදාළ නාසි ඝාතකයා යුක්රේන වැසියෙකු වීම නිසාම උපහාර දක්වා තිබේ.
එහෙත් පසුව කැනඩා අගමැතිවරයා එරට පාර්ලිමේන්තුවෙන් සහ යුදෙව් ජාතිකයන්ගෙන්ද සමාව ඉල්ලා තිබේ.










