කාලගුණයෙන් හදිසි දැනුම්දීමක්

කාලගුණයෙන් හදිසි දැනුම්දීමක්

අද (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුතුව පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කර සිටියේ,

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුවට වාර්තා වන බැවින් මෙම තීරණය ගත් බවය.

එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙතද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇතියි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්