කාබනික පොහොර ආනයනය කිරීමට කමිටුවක්

කාබනික පොහොර ආනයනය කිරීමට කමිටුවක්

එළඹෙන මාස් කන්නය සඳහා විදේශයන්ගෙන් කාබනික පොහොර ආනයනය කිරීමේ ප‍්‍රසම්පාදන කමිටුවක් පිහිටුවා ඇත.

මේ සඳහා රහසිගත අමාත්‍ය මණ්ඩල සටහනක් කෘෂිකර්ම ඇමති මහින්දාන්ද අළුත්ගමගේ විසින් ජුනී 11 වෙනි දින ඉදිරිපත්කර ඇත. එම අමාත්‍ය මණ්ඩල සටහනට අනුව පත්කර තිබෙන ප‍්‍රසම්පාදන කමිටු සාමාජිකයින් මෙසේය.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ (සභාපති)
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර
වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක
කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. රණසිංහ
වනජීවී අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ
ස්මාට් ඇග්‍රිකල්චර් ඉරිගේටඩ් ව්‍යාපෘතියේ මුල්‍ය කළමණාකාර එස්.එල්.ජී බන්දුසිරි

පසුගිය මැයි මස 31 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම කමිටුව පත්කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්