ක්‍රිකට් ලිංගික අල්ලස් වාර්තාව ඇමතිට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා ගැන විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත අද (20) ක්‍රීඩා අමාත්‍යාංශයේදී බාරදී තිබේ.

එම කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් එය බාරදී ඇති අතර එම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහා භාණ්ඩාගාරයේ භාරකාරිනී තරංගනී කීනවින්න දිසානායක මහත්මියද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂක ආලෝක බණ්ඩාර, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්.රෆීක් සහ අතිරේක ලේකම් සමන් බණ්ඩාර යන මහත්වරුන්ද සහභාගී වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්