ක්ෂෙණුකාටත් ජනාධිපති උපදෙශ ධුරයක්

ක්ෂෙණුකාටත් ජනාධිපති උපදෙශ ධුරයක්

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය නිලධාරී යාන්ත්‍රණය පිහිටුවාගැනිමින් ඊට අවශය පුද්ගලයන් පත්කරගනිමින් සිටින අතර විදේශ ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර මාධ්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අද (28) දින ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න පත් කර ඇත.

ඊට අමතරව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක වශයෙන් අද දින පත් කර තිබේ. මෙම පත්කිරීම් දෙකෙන් මහාචාර්ය ක්ෂෙණුකා සෙනෙවිරත්නගේ අතීත ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් පැවතිණි.

රාජපක්ෂ පාලන සමයේ ඇය සම්බන්ධ සිදු වීමකදී ලන්ඩන් නුවර සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස්නෝනිස්ට පහරදීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති විය. එසේම ශ්‍රී ලංකාවේ තහනමට ලක්වූ සංවිධානයක සාමාජිකයන් සමග ඉතා සමීප රාජ තාන්ත්‍රික සහ ආර්ථිකමය ගනුදෙනු පවත්වාගෙන යාම 2008 – 2010 කාලයේ දැඩි කතාබහකට ලක් වී තිබිණි.

ඊට අමතරව පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ගෙන ගිය ප්‍රචාරණ කටයුතුවලදී සිදු කරනලද බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධයෙන්, නාමල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් සහ ක්ෂෙණුකා සෙනෙවිරත්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබිණ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්