රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති පුත්, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඒ, ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන මඟින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දීම සම්බන්ධ සිද්ධියට අදාළ විමර්ශනය සඳහාය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්රදේශයේ පිහිටි අක්කර 4.3ක ඉඩමක් ක්රිෂ් සමාගම වෙත ලබා ගැනීමට හා ඊට අදාළ අනුමැතිය කඩිනම් කර ගැනීමට සහාය ලබා දීම වෙනුවෙන් අවස්ථා 03කදී හිටපු ජනාධිපති පුත්, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබා දී ඇති බවටත් ඔහු එම අල්ලස් මුදල ලබා ගත් බවටත් ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධනටත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂටත් චෝදනා එල්ල වී තිබේ.










