දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් පහත්බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇති බත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
මේ හේතුවෙන් ගංගා ආශ්රිත ප්රදේශවල සිටින ජනතාව පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ ප්රදීප් කොඩිප්පිලි මහතා දැනුම්දෙයි.
කළු ගඟේ ජල මට්ටම සැලකිය යුතු අගයකින් ඉහළයාම නිසා එය සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි ද වාර්තා වේ.









