කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා පූර්ණ බලැති කාන්තා කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් ප්රතික්ෂේප කර ඇත.
අදාළ කැබිනට් මණ්ඩල යෝජනාව යටතේ සාමාජික සාමාජිකාවන් දහදෙනෙකුගෙන් යුත් පූර්ණ බලැති කොමිසමක් පත් කිරීමට යෝජනා කර තිබේ.
ඔවුන් පරිසර, නීතිය ආර්ථිකය විද්යා තාක්ෂණ, සමාජ සේවා, කම්කරු. සෞඛ්ය,අධ්යාපන ආදී ක්ෂේත්ර නියෝජනය වන පරිදි තුන් වසරක කාලයක් සඳහා පත් කරන්නටත් ඔවුන් බහුතරය කාන්තාවන් විය යුතු බවටත් ඇමැතිවරයා යෝජනා කර ඇත.









