ශ්රී ලංකා දෙමළ ජනතාවට සහයෝගය පළ කර ශ්රී ලංකා රජයට විරෝධය පෑම සඳහා සුප්රකට දකුණු ඉන්දීය දෙමළ නළුවන් වන ‘රජිනිකාන්ත්‘, කමල්හසන්, විජෙයි ඇතුළු නළු නිළියන් හා දෙමළ චිත්රපට අධ්යක්ෂවරු අප්රේල් 02 දා චෙන්නායිහිදී නිරාහාරව සිටීමේ උපවාසයකට සැරසෙති.
ශ්රී ලංකාවේ දෙමළ ජනතාවට සහයෝගය පළ කරමින් මාර්තු 19 වැනිදා තමිල්නාඩු චිත්රපට අධ්යක්ෂවරුන් හා චිත්රපට ක්ෂේත්රයේ සේවකයෝ මෙවැනි උපවාසයක් මුලින්ම පැවැත්වූ අතර එයට සහයෝගය පළ කළ තමිල්නාඩු ශිෂ්ය සංගම් දෙමළ චිත්රපට අධ්යක්ෂවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තවදුරටත් ශ්රී ලංකාවේ ගැටලුව සම්බන්ධයෙන් තමිල්නාඩු ශිෂ්යයන්ට සහාය දෙන ලෙසයි.
දෙමළ සිසුන් කළ දැනුම්වත් කිරීම්වල ප්රතිඵලයක් ලෙස නළු නිළියන් ඇතුළු රංගන ක්ෂේත්රයේ ශිල්පීන් මෙවැනි උපවාසයකට එක්වීමට තීරණය කර ඇති බව පැවැසේ.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත්පත පවසන්නේ තමිල්නාඩු දේශපාලන පක්ෂවල හැසිරීම ඉන්දීය මධ්යම ආණ්ඩුවේ හැසිරීම අමෙරිකානු ක්රියාකාරකම් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්රශ්නයේදී හැසිරෙන ආකාරය පිළිබඳ තමිල්නාඩු ශිෂ්ය සංවිධානවලට ඉතා හොඳ අවබෝධයක් තිබෙන බවත් දෙමළ ජනතාවගේ නියම සතුරන් හා නියම මිතුරන් කවුද යන්න ශිෂ්ය සංවිධාන ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්ය.
උපවාසය අප්රේල් 02 වැනිදා චෙන්නායි නාට්ය සංගම් ශාලාවේදී පැවැත්වේ.









