කබ්රාල් මහ බැංකුව විකුණන හැටි හෙළිවෙයි…

කබ්රාල් මහ බැංකුව විකුණන හැටි හෙළිවෙයි…

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යටතේ මේ වනවිට රන් සංචිතය ඉතිහාසයේ විශාල වශයෙන් පහතට හෙළමින්, ගෙවී ගිය ජනවාරිමාසයේ රන් ටොන් දෙකක් විකුණා ඇති බව අනාවරණය වේ.

මෙයට පෙර පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව ඩොලර් මිලියට 382ක රන් සංචිතයක් තිබූ අතර නොවැම්බර් මාසය අවසන් වනවිට එය ඩොලර් මිලියන 175ක් දක්වා පහත වැටී තිබිණි. මේ වනවිට එය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 92ක් දක්වා පහත වැටී ඇති බව මාධ්‍ය වාර්තා පලකරයි. එසේම ඔක්තෝබර් අවසන් වනවිට පැවති මෙට්‍රික් ටොන් 3.1ක් වූ රත්‍රන් ප්‍රමාණය මේ වනවිට ට්‍රෙික් ටොන් 1.1 දක්වා පහත වැටී ඇත.

මේ වනවිට ලොක වෙළඳපොළේ රත්‍රන් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් මිලියන 59කට ආසන්න වී ඇති අතර පසුගිය ජනවාරි මාසයේදී රන් සංචිත විකුණා ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් මිලියන 42කට පමණ බව නිල දත්ත අනුව අනාවරණය වේ. මේ අතර පසුගිය ජනවාරි 28 වෙනි දින ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය වාරිකය ගෙවන ලද බව ආණ්ඩුව සහ මහ බැංකු අධිපති ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම එම මාසය තුළදී ඩොලර් මිලියන 1030ක ණය වාරික සහ පොලී ගෙවා ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන හෙළිකර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්