කන්ඩායමට තේරෙන්න දක්ෂතා තිබිල විතරක් මදි – පා.ම. සනත් ජයසූරිය

දේශිය කි‍්‍රකට් තරගාවලියේ දක්ෂතා පෙන්වූ පමණින්  කී‍්‍රඩකයන්ව ජාතික කන්ඩායමට තොරාගන්නේ නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති පාර්ලිමෙන්තු මන්ති‍්‍ර සනත් ජයසූරිය පවසයි.

ජනමාධ්‍ය සහ තොරතුරු ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත‍්‍රයා වන රමිත රඹුක්වැල්ල ශි‍්‍ර ලංකා පන්දුවාර 20 ජාතික කන්ඩායමට තොරාගැනීම සාධාරණය කරමින් අදහස් පල කල පාර්ලිමෙන්තු මන්ති‍්‍ර සනත් ජයසූරිය වැඩි දුරටත් පැවසූයේ යම් කි‍්‍රඩකයෙක් මෑත කාලයේදි දක්ෂතා නොදැක්වුවද ඈත අතීතයේදී හෝ දක්ෂතා දක්වා ඇත්නම් ඒ ගැන සලකා කන්ඩායමට ඇතුලත් කරගත යුතු බවයි.

මන්තී‍්‍රවරයාගේ මෙම අදහස් දැක්වීම ගැන තම මතය පල කරන කි‍්‍රකට් විචාරකයන් පවසන්නේ තවමත් කි‍්‍රඩාවෙන් නිළ වශයෙන් විශ‍්‍රම ගොස් නැති මෙම තේරීම් කමිටු සභාපතිවරයා තමන් විසින්ම තොරාගන්නා කන්ඩායමක කි‍්‍රඩා කිරිමෙ අවස්ථාවන්ද ඉදිරියේදි තිබිය හැකි බවයි.

සනත් ජයසුරිය මන්ති‍්‍රවරයා විසින් ජාතික කන්ඩායමට තොරාගෙන ඇති තම රජයේ ඇමතිවරයෙකු වන කෙහෙලිය රඹුක්වැල්ගේ පුත‍්‍ර රමිත රඹුක්වැල්ල පසුගිය වසර 3 තුල පැවැත්වූ  ප‍්‍රිමියර් තරග 28 දී රැස්කරගෙන ඇත්තේ ලකුණු 135 ක් වන අතර එහි ඉනිමක ලකුණු සාමාන්‍යය 16 කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්