කෑගල්ල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ධුර අපේක්ෂක කනක හේරත් සිය මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදවා සිටි පාතාල මැර කල්ලියක් ඊයේ (06) රාත්රියේදී කෑගල්ල පොලීසයි විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ගමන් ගත් WP PD 1479 අංක සහිත වෑන්රථයද අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී බෝම්බ කිහිපයක්, කඩු දෙකක් සහ පෙට්රල් බෝතල් කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි ගමන් ගත් 08දෙනෙකුගෙන් යුක්ත පිරිසිද අත්අඩංගුවට ගෙන ඇත.
එම පාතාල කල්ලිය කනක හේරත්ට ප්රතිවාදීව කටයුතු කරන රඹුක්කන යටිඇල්ල ප්රදේශයේ පුද්ගලයෙකුට පහරදීම සඳහා ගොස් සිටියදී පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර නාවික හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකුද සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම පාතාල මැර කණ්ඩායම මැතිවරණ නීති කඩමින් මැතිවරණයට අදාළව ප්රචණ්ඩ ක්රියාවල යෙදෙමින් සිටි නමුත් ඔවුන් පිළිබඳ ලැබුණු පැමිණිල්ල හෝ ඔවුන් අත්ඩුංගුවට ගැනීමෙන් පසු සිදු කරන සටහන් කිහිවක් මැතිවරණ පැමිණිලිවලට අදාළ සටහන් පොත්වල සටහන් නොකර සාමාන්ය පැමිණිලිවලට අදාළ සටහන් පොත්වල සටහන් කිරීම සිදුව ඇති අතර එසේ සිදුව ඇත්තේ සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත්ගේ බල පෑම මත යැයිද වැඩිදුරටත් වාර්තා වේ.














