කතරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

කතරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

කතරගම නගරය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් සිවු දරු පියකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ කතරගම නාගහවීදිය සමෘද්ධි මාවතේ පදිංචිව සිටි සින්න කම්බි සිවබාල සුබ්‍රමනියම් නැමති 52 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (06) රාත්‍රියේ සිය නිවස වෙත ගමන් කිරීමේ දී කොටන තුවක්කුවකින් වෙඩි තබා ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් තුවා ලැබූ ඔහු කතරගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මුලික රෝහල වෙත රැගෙන යන අතර මගදී ජිවිතක්ෂයට පත් ව ඇති බවත් වාර්තා වේ.

මළ සිරුර දෙබරවැව මුළික රෝහලේ මතෘ ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

කතරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්