කටුනායක “මෑන් පවර්” සේවකයෝ උද්ඝෝෂණයක

කටුනායක “මෑන් පවර්” සේවකයෝ උද්ඝෝෂණයක

වැටුප් වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවයකරන “මෑන් පවර් ” සේවකයින් විසින් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ.

දිගින් දිගටම සිය වැටුප වැඩිකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මේ දක්වා ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවත් මේ හේතුවෙන් අද(31) දිනයේ සේවයෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ගුවන්තොටුපළ නිදහස් සේවක සංගමය පවසයි.

ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය ඉල්ලීම් ඉටුකරන තුරු අඛණ්ඩව සිදු කරන බව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත සේවකයෝ පවසති.

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගුවන්තොටුපළේ කටයුතුවලට දැඩි බලපෑම් එල්ලකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්