ඕස්ට්‍රේලියානුවන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්!

(දෙවන සංස්කරණය) ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක්  මේ වනවිට  ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9කට ලකුණු 376ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දීමට සමත් විය.

ඕස්ට්‍රේලියා මුල් කඩුලු 2 ලකුණු 41ක් වන විට බිඳවැටුණු අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක සබඳතාවයක් ගොඩනැගීමට මයිකල් ක්ලාක් සහ ස්මිත් සමත් විය. එහිදී ස්ටීවන් ස්මිත් පන්දු 88කදී ලකුණු 72ක් හා මයිකල් ක්ලාක් පන්දු 68කදී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය. මුළු ලකුණු සංඛ්‍යාව 175ක් වන විට ක්ලාක් දැවී ගිය අතර මුළු ලකුණු සංඛ්‍යාව 177ක් වන විට ස්මිත්ගේ ඉනිම නිමා කිරීමටද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් විය. ඉන්පසු පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් හා ෂේන් වොට්සන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පස්වන කඩුල්ල සඳහා ලකුණු 160ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්වෙල් පන්දු 53කදී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය. මුළු ලකුණු සංඛ්‍යාව 337දී මැක්වෙල් දැවී ගිය අතර ෂේන් වොට්සන් පන්දු 41කදී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් විය. අවසන් පන්දුවාර 4 තුළදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පස් දෙනෙකු දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් විය.

ශ්‍රී ලංකාව පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහරදුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස්කිරීමට අවසන් පන්දුවාර 15 තුළදී කටයුතු කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ පන්දු යැවීමේදී ලසිත් මාලිංග පන්දුවාර 10කදී ලකුණු 59කට කඩුළු 2ක් ද තිසර පෙරේරා පන්දුවාර 9කදී ලකුණු 87 කඩුළු 2ක්ද ඩිල්ෂාන් පන්දුවාර 5කදී ලකුණු 33කට එක් කඩුල්ලක්ද සීක්කුගේ ප්‍රසන්න පන්දුවාර 10කදී ලකුණු 77කට එක් කඩුල්ලක්ද නාකය මැතිව්ස් පන්දුවාර 7කදී ලකුණු 59කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද තරඟයේදී අතිරේක ලකුණු 6ක් වැනි අඩු ප්‍රමාණයක් ලබා දීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අසීරු අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් අද සමත් වූ අතර තරගය ජයගැනීමේ වැඩි වාසි ඔවුන් සතුව පවතී.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්