ඒ.එස්.පී. ලියනගේට යහපාලනයෙන් කේක් කවයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේට අයත් පිටකෝට්ටේ පිහිටි පීකොක් මන්දිරය මිලදී ගැනීමට රාජපක්ෂ පවුල දැරූ උත්සාහයෙන් පසුව නැවත වරක් ඒ.එස්.පී. ලියනගේ පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතී.

මේ දිනවල අන්තර්ජාලයේ පළවන ඡායාරූපයකින් හෙළි වන්නෙ ඒ.එස්.පී. ලියනගේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල භූමිකාවක් හොඹවන ඇමති රාජිත සේනාරත්න සමග සමීප සම්බන්ධතාවයකට මුල පුරා ඇති බවය. ඒ.එස්.පී. ලියනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ ව්‍යාපාරිකයකු වශයෙන් බෙහෙවින් සාර්ථක වී ඉන්පසුව බලයේ සිටින ඕනෑම ආණ්ඩුවකට සම්බන්ධ වී ක්‍රියා කළේය.

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ඔහු පත්කර සිටියේය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්