ඒකාධිපති මාකෝස් බිරිඳගේ ඩො.මි. 21 රන් ආභරණ වෙන්දේසියට

පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලකයකු වූ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ බිරිඳ වන ඉමෙල්ඩා මාකෝස් සන්තකයේ තිබී රාජසන්තක කරනු ලැබූ ඩොලර් මිලියන 21ක් පමන වටිනා රන් ආභරණ තොගයක් වෙන්දේසි කිරීමට සූදානම් වේ.

වසර 21ක කාලයක් ඒකාධිපතියකු ලෙස පිලිපීනයේ පාලනය ගෙනගිය ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් 1986 වසරේදී බලයෙන් පහ කරනු ලැබූ අතර ඉන් පසුව ඉමෙල්ඩා මාකෝස්ටද  දූෂණ චෝදනා එල්ල වූ අතර වසර 12ක සිර දඬුවමක්ද නියම විය. එහෙත් එම දඬුවම ඇපෑලක් මගින් අවලංගු කර ගැනීමට ඇය සමත් විය.

ලබන මැයි මාසයේ පැවැත්වෙන මැතිවරණයට මාකෝස්ගේ කණිෂ්ඨ පුත්‍රයකු ඉදිරිපත් වීමට සූදානම් වීමත් සමග මෙම ආභරණ තොගය වෙන්දේසි කිරීම ඉක්මන් කිරීමට එරට බලධාරීන් සූදානම් වේ. මෙම ආභරණ තොගය වෙන්දේසි කිරීමෙන් වළක්වා ගැනීමට ඉමෙල්ඩා මාකෝස් දැඩි උත්සාහයක නිරත වන බව පැවසේ.

 

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්