එම්.ජී ධනුෂ්ක රිය අනතුරක

නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක මහතා හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටී.

ඊයේ (05) රාත්‍රීයේ ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උස්වැව ප්‍රදේශයේදී මොහු ගමන්ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ  එම්.ජී ධනුෂ්ක හා ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.

ගායන ශිල්පියා සුළු තුවාල ලබා ඇති බවත්, තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්